Foods for a reasonable price

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේදී රට තුළ පවතින කොරෝනා වසංගතය හමුවේ දේශීය කර්මාන්ත රැකගැනීම මෙන්ම ගෝලීය වශයෙන් ලංකාවට බලපාන ආහාර අර්බුදයට විසඳුම් ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ මග පෙන්වීම යටතේ අත්‍යවශ්‍ය සේවා පිලිබඳ ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානි බැසිල් රාජපක්ෂ මහතා විසින් තීරණ රැසක් ගනු ලැබිය.

ධීවරයන්ගේ මත්ස්‍ය තොග මිලදී ගැනීමට රජයෙන් රුපියල් මිලියන 600ක්‌ ලබාදීම,

හිඟයකින් තොරව රට පුරා මාළු බෙදාහැරීමට ක්‍රමවේදයක්..

එළවළු, පලතුරු, මාළු හා කුකුල් මස් දේශීය නිෂ්පාදන වෙළඳපල අවස්ථා පුළුල් කිරීම මේ අතර විය.

මෙම සාකච්ඡාවට මැති ඇමතිවරුන් මෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්, යුධ හමුදාපතිතුමා, පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් එක්විය.

Translate »