Home » තවලම ප්‍රාදේශිය සභාව සතු දර තොගය විකීණිම සදහා ටෙන්ඩර් කැදවීම

තවලම ප්‍රාදේශිය සභාව සතු දර තොගය විකීණිම සදහා ටෙන්ඩර් කැදවීම

ටෙන්ඩර් දැන්වීම

තවලම ප්‍රාදේශීය සභාව

තවලම ප්‍රාදේශීය සභාව සතු  දර තොගය  විකිණීම සඳහා ටෙන්ඩර්පත් කැඳවීම.

තවලම ප්‍රාදේශීය සභාව සතු දර තොගය විකිණීම සඳහා 2021.05.10 දින පෙ.ව 10.45 දක්වා සීල් තබන ලද ටෙන්ඩර්පත් භාරගනු ලැබේ. ටෙන්ඩර් පෝරම 2021.04.30 දින සිට 2021.05.10 දින පෙ.ව 10.45 දක්වා සතියේ වැඩකරන දිනයන්හි තවලම ප්‍රාදේශීය සභා ප්‍ර‍ධාන කාර්යාලයෙන්  ලබා ගත හැක. සම්පුර්ණ කරන ලද ටෙන්ඩර්පත් 2021.05.10 දින පෙ.ව 10.45ට පෙර තවලම ප්‍රාදේශීය සභා ප්‍ර‍ධාන කාර්යාලයේ තබා ඇති ටෙන්ඩර් පෙට්ටියට බහාලීමෙන් හෝ නියමිත වේලාවට පෙර ලැබෙන සේ “ සභාපති,තවලම ප්‍රාදේශීය සභාව” ලිපිනයට එවිය යුතුය. 2021.05.10 දින පෙ.ව 11.00 ට ටෙන්ඩර්පත් විවෘත කරනු ලැබේ.

2021.04.30 දින සිට 2021.05.10 දින දක්වා කාර්යාලීය වේලාවන්හිදී දර තොගය පරීක්ෂා කළ හැක. 

ටෙන්ඩර් පිළිගැනීම හෝ ප්‍ර‍තික්ෂේප කිරීමේ අයිතිය තවලම ප්‍රාදේශීය සභාව සතුය.

වැඩි විස්තර කාර්යාලීය වේලාවන්හිදී 091-3783038 / 0719049031 අංකයට අමතා හෝ කාර්යාලයට පැමිණ ලබා ගත හැක.

අනු අංකයස්ථානයපෝරම ගාස්තු (ආපසු නොගෙවන) රු.අවම ටෙන්ඩර් මුදල රු.
01තවලම ප්‍රාදේශීය සභා  ගොඩනැගිල්ල1000.00150,000.00

2021.04.30                                                                                        බන්දුල විජේසේකර,

තවලම ප්‍රාදේශීය සභාවේදී                                                                   සභාපති,

තවලම ප්‍රාදේශීය සභාව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

Translate »